Home

Avissawella.Net යනු සීතාවකපුරය නැතිනම් අවිස්සාවේල්ල මූලිකව ව්‍යාප්තවන වෙබ් අඩවි ජාලයකි. ඉතා සරල සේවා ගාස්තුවක් යටතේ වෙබ් අඩවියක් නිර්මාණය කර එය සම්පූර්න කාලය පුරා නොමිළේම නඩත්තු කර දීම මෙහි අරමුනයි. පුද්ගල සේවාවක් ලෙසට වන මෙහි අරමුණ වන්නේ නව ලොව මාධ්‍ය අවකාශය වෙතට ඔබගේ පනිවිඬය විධිමත්ව ගෙන යාමයි. වසර 14 කට ආසන්න පලපුරුද්දක් සමග ලොව ප්‍රධාන සේවා ආයතන සමග මෙම සේවාව නිර්මාණය කර ඇත.
– Avissawella.Net

A homepage section

ඔබට අවශ්‍ය ඩොමේනය නැතිනම් වෙබ් අනන්‍යතාවය තොරා ගැනීමේ සිට අදාල වෙබ් අවකාශය වෙන් කර ගැනීම, සරල වෙබ් අඩවිය නිර්මාණය කිරීම, අවශ්‍ය ඊමේල් ගිනුම් හා සමාජ ජාලා ගිනුම් නිර්මාණය කර, මේවා අදාල කාලය පුරා නඩත්තු කර දෙන්නට කටයුතු කරනු ඇත. අමතරව අවශ්‍ය විටක දී Avissawella.Com වැනි ආශ්‍රිත වෙබ් අවකාශ සමග ඔබගේ තොරතුරු වඩාත් ප්‍රචාරය කර දෙන්නටද හැක.

About

ඉතා ඈත අතීතයට අයත් ප්‍රවාදයන් ලෙසට වන සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තබන්නට සුදුසුවූ කඳුවලල්ලක ස්වභාවික ආරක්ෂාව සමග සෞම්‍ය කාලගුන වටපිටාව එදා දවස වැදගත් වන්නට ඇත. ආදිමානව ස්පර්ශය පිලිබඳවද මතිමතාන්දර මානියම්ගම ප්‍රදේශය අවටින් පැමිනෙනවා සේම කිතුල්ගල ප්‍රදේශයෙන් පැමිනෙන පුරාවිද්‍යාත්මක සාධක සිහිත තොරතුරු පෙර කී මතිමතාන්දර පිලිබඳව වඩාත් විස්වාසනීයත්වයක් ගෙනෙයි. ලංකාවේ ප්‍රධානතම සංඟාවක් තම දගකාර අවදිය පසුකර මද සංසුන් බවකින් මෙම ප්‍රදේශය හරහා ගලා යන්නේ තවත් ජලධාරා කිහිපයකම එකතුවෙන් පෝෂනය වෙම්මින් වීම ද වැදගත් සාධකයකි. කලින්කලට පැමිනෙන පිටාර ඔස්සේ තැනිතලා ගංඟාව අවට ප්‍රදේශය වගාවෙන් සරු සාර කරදීම ද අමතක කල නොහැකි සාධකයකි. යටත් විජිත යුගවලදීද වතු වගාවන් බහුල වී ඇත. තවමත් ශේෂව ඇති වතුයායවල් කිහිපයක්ම දක්නට ලැබේ. වර්ථමානය දෙසට පැමිනීමේදී කර්මාන්තපුරය දහස් ගනනකට ‍රැකියා අවස්ථාව දෙන නෙක ආකාරයේ කර්මාන්තශාලා රාශියකින් යුතුව අපට මග හැරුනු කාර්මික යුගයේ ප්‍රවනතා සදහා මග පෙන්වමින් සිටී. දේශීය ව්‍යවසායකත්වයේ පැහැබර හෙට දිනකට විටක මෙම කර්මාන්තපුරයන් මග කියනු ඇත. ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් තිබෙන සීතාවක උද්‍යානයද අමතක කල නොකල යුතුය. කිතුල්ගල දෙසට වන්නට වන වයිට් වෝටර් ක්‍රීඩාවට වඩාත් ප්‍රචලිත ප්‍රදේශයත්, බටන්ගල ප්‍රදේශයේ වන ජාතික මට්ටමේ අධ්‍යාපනික ආයතනය මෙන්ම කළුඅග්ගල ප්‍රදේශයේ වන විනෝද උයනද , ආදීන් සැලකීමේදී හැගෙන්නේ වර්ථමානයේදීද මෙම ප්‍රදේශය සැලකිය යුතු අවධානයක් ලබා ගන්නා බවයි.
– Pubudu Siriwansa
www.avissawella.com

Blog

Contact

සැබවින්ම අවිස්සාවේල්ල නගරය සොඳුරු පුරවරයකි. එය ඓතිහාසික වන්නේ රජ දවස සීතාවක රාජධානියේ කේද්‍රස්ථානය සමීපකොටම පිහිටා ඇති නිසාය. අදද ඓතිහාසික වටිනාකම් ඇති බොහෝ ස්ථාන නගරය තුල බොහොමයකි. එහි ආර්ථික වටිනාකම්ද අපමනය. අතීතයේ සිටම ආර්ථික භෝගයන් සදහා විශාල ඉඩකඩක් මෙම නගරය වටාම වෙන්ව තිබුනා සේම අදවන විට ලංකාවේ ප්‍රධානතම ආර්ථික උද්‍යානයක්ද පිහිටා ඇත. එය අලංකාරයෙන්ද අනූන නගරයක් වන්නේ අලංකාර ගංගා කොමලියකගේ පහස සේම නගරය වටා වන අපූරව කඳුපෙල නිසාය. මාගේ වෑයම වන්නේ මේ අපූර්ව නගරයේ වන ආර්ථික වටිනාකම්, ඓතිහාසික වටිනාකම් මෙන්ම ස්වභාවික වටිනා කම් එක අඩවියකට ගොනුකර ලන්නටය.
www.avissawella.com